The Shaukeens (2014) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද කස්ටිය,ඔන්න 2015 වසරට පළමුවෙන්ම අරගෙන එන චිත්‍රපට උපසිරැසි නිර්මාණය තමයි මේක.කාලෙකින් ච්ත්‍රපටයක් උපසිරැසි ගන්වන්න ලැබුනේ නැහැ එක එක වැඩ වැටුණු නිසා හෙඩ්ස් අයියගේ ඉල්ලීමකට තමයි මේ චිත්‍රපට කරන්න භාරගත්තේ. ඉංග්‍රීසි උපසිරැසියේ නම් සැහෙන අවුල් තිබුණා පුළුවන් තරම් ඒවා නිවැරදි කරලා හොඳ සබක් ඔයාලට දෙන්න උත්සහා කරා බලන්නකෝ එහෙනම් උත්සාහය සාර්ථකද කියලා.වැරදි අඩුපාඩු තිබ්බොත් ඒවත් කියන්න.එහෙනම් ෆිලුම දිහාට හැරෙමු.

මුලින්ම කියන්න ඕන මේක හිනා වේවි බලන්න පුළුවන් ෆට්ට ෆිලුමක්,මේ 2014 වසරේ ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක උන අවසන් චිත්‍රපටය.ඒ වගේම මේකේ තව විශේෂත්වයක් තියෙනවා මොකද මේ චිත්‍රපටයේ ආක්ෂේ රංගනයෙන් දායක වෙන්නේ නැහැ,මම එහෙම කියන්නේ මේ චිත්‍රපටයේ ආක්ෂේ රංගනයෙන් දායක වෙන්නේ ආක්ෂේ විදියටම නිසා.එහෙම බලනකොට ඒක රඟපෑමක් කියන්නත් බැහැ නේ.මේ චිත්‍රපටය 5.8 IMDB අගයක් ලබාගෙන තියෙනවා ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ලීසා හෙයිඩන් Queen,Rascals,Aisha කියන චිත්‍රපට නරඹලා තියෙනවා නම් මෙයා කවුද කියලා දන්නවා ඇතිනේ.ඒ වගේම දැන් හින්දි චිත්‍රපට වලට නැතුවම බැරි චරිතයක් වෙලා ඉන්න අනුපම් කහෙරුත් ඉන්නවා.එහෙනම් ෆිලුමේ කතාව ගැන පොඩි සමරියක් දෙන්නම්.පොඩි කාලේ ඉඳන්ම එකට හිටපු යාළුවො තුන් දෙනෙක් ඉන්නවා.දැන් එයාලට අවුරුදු හැටයි එත් මෙයාලගේ තරුණ කාලේ උන විවිධ සිදුවීම් නිසා මෙයාලට තරුණ කාලේ කොල්ලෝ කරන වැඩ කරලා විනෝදයෙන් ඉන්න ලැබෙන්නේ නැහැ,ඉතින් දැන් වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මේ කට්ටිය හදන්නේ මැරෙන්න කලින්වත් තමන්ගේ ජිවිතේට නොලැබුණු දේවල් ලබා ගන්න,මෙතනින් එක්කෙනෙක් තාමත් තනිකඩයා,අනිත් දෙන්න නම් දරු පවුල්කාරයෝ.ඉතින් මෙයාලා කොලුකාලේ කරන්න ඕන දේවල් මේ වයසේදී කරන්න ගිහිල්ලා වැටෙන්නේ සැහෙන අමාරුවක.ආක්ෂේ කුමාර් මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?මෙයාලා මේ ජීවිතේදී සම්පුර්ණ කරගන්න හදන්නේ මොනවද කියලා බලාගන්න එක ඔයාලටම බාරයි.එහෙනම් ගිහින් එන්නම් කස්ටියටම සුබ දවසක්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.