Arrow S03 E12 (2014) සිංහල උපසිරැසි සමගින්




පහුගිය කොටස ගැන මතක් කරනවානම්, ඔලිවර් ක්වීන් ජීවතුන් අතර කියලා හැමෝම දන්නවනේ, රාස් අල් ඟුල් එක්ක සටනින් පරාද වුනාට පස්සෙ ඔලිවර්ට උදවු කරන්නේ ඔහුත් එක්ක හොංකොං වල එකට වැඩකරපු මැසේයෝ, නන්දා පාබත් වල ඔලිවර් රහස් තැනක හංගගෙන තමයි මේ විදියට බෙහෙත් කරන්නේ, මේ වැඩේට මැසේයෝ එයාගෙ බිරිද ටට්සුවත් හවුල් කරගන්වා, හැබැයි මේ දෙන්නා අතරේ සම්බන්දයක් නෑ වගේ, ඒකට හේතුව මොක්ද කියලා ඉස්සරහදි දැගන්න පුලුවන් වෙයි, ඒවගේම ඔලිවර් ක්වීන්ගෙ මිනිය හොයන්න එවපු කණ්ඩායම ඔලිවර්ගේ අඩිපාරවල් දිගේ මැසේයෝගෙ කූඩාරමට එනවා, එතනදි ඒ අයව මැසේයෝ ට්ට්සු එක්ක එකතු වෙලා ඉවරයක් කරනවා, ඒත් තවම මැසේයෝ රාස් අල් ඟුල් වෙනුවෙන් සේවය කරන්න සූදානම්, මේ අතරේ ස්ටාර්ලින් වල පාලනය අතට ගන්න බ්‍රික් සූදානම් වෙනවා, මේ බ්‍රික් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ වෙන එකක් නෑ මොකද, දැන් සති දෙක තුනක ඉදන් ස්ටාර්ලින් වල කතාව යන්නේ බ්‍රික් ගැන, පහුගිය කොටසෙදි බ්‍රික් නඟරසභාවට කඩාවැදිලා නඟරසභිකයන්ව පැහැර ගන්නවා, ඔහුගෙ ඉල්ලීම වෙන්නේ, ග්ලේස්වලින් පොලිසිය ඉවත් කරන්න කියන එක, අන්තිමේදි බ්‍රික්ගෙ ඉල්ලීමට ස්ටාර්ලින් බළධාරින්ට කන් දෙන්න වෙනවා හේතුව ඔවුන්ට වෙන විකල්පයක් නැති වෙන එක, මේ අතරේ ලෝරල් එයාගෙ නංගි සාරාගෙ ඇදුම ඇදගෙන නඟරයේ රැකවලා විදියට පෙනී ඉන්න පටන් ගන්නවා, ඉතින් ලෝරල් මේ කැනරි විදියට බ්‍රික්ගෙ ප්‍රශ්ණයටත් මැදිහත් වෙනවා, හැබැයි ඉතින් ලෝරල්ට සාරා වගේ වැඩ පෙන්වන්න නම් වෙන්නේ නෑ, හොදටම ගුටි කාලා තමයි නතර වෙන්න වුනේ, මේ අතරේ ඩිගල්, රෝයි ෆෙලිසිටි මෙයාලත් ඔලිවර්ගෙ වැඩ ටික ඉස්සරහට කරගෙන යනවා, හැබැයි ඉතින් ඔලිවර් නැති නිසා හැම වැඩේම අනාගන්න එක තමයි මෙයාලා කරන්නේ, මැල්කම් තියාට ස්ටාර්ලින් වලින් යන්න ආරාධනා කලාට තියා ඒකට කැමති වෙන්නෙ නෑ හේතුව තියාට ඔලිවර් ගැන ආරංචියක් නැති වෙන එක, අන්තිමේදි මැල්කම්ට සිද්ද වෙනවා එයා පැනලා යන ඇත්තම හේතුව තියාට කියන්න, එතකොට තියානම් කියන්නේ, රාස්ට විරුද්දව සටන් කරමු කියලා, ඔන්න ඔය දේවල් තාමයි කලින් කොටසෙදි සිද්ද වුනේ, ගිය සතියෙ මම වෙනුවෙන් ඇරෝ එක අරන් ආව තාරක අයියටත් ගොඩක් ස්තූතියි, එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තෙක්, මම ගිහින් එන්නම් ජයවේවා




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Arrow S03 E12 (2014) Sinhala Subtitles

No comments

Powered by Blogger.