Agyaat (2009) සිංහල උපසිරැසි සමඟ.




මේ චිත්‍රපටිය මම ගොඩක් කාලේක ඉදන් දෙන්න ආසාවෙන් හිටියේ. නමුත් මේ චිත්‍රපටියට සීඩ් තියන ටොරන්ට් පටයක් තිබ්බේ නෑ වගේම පස්සේ මේක දෙන එක අමතක වෙලා ගියා. කොහොම හරි The Killer චිත්‍රපටියට සබ් එක දාද්දි එකේ ප්‍රධාන චරිතය කරපු නිළිය වන Nisha Kothari මේ චිත්‍රපටියේ ඉන්නවා දැක්කා.ඉතින් ආපහු මේක දෙන්න ඕන නේද කියලා ටොරන්ට් එකක් හෙව්වාම ටිකක් සයිට් වැඩි උනත් සිඩ්ස් තියන කොපියක් ලැබුනා. ඔබ සමහර විට නොදන්නවා ඇති මේ චිත්‍රපටිය සම්පුර්ණයෙන්ම රූගත කරලා තියෙන්නේ ශ්‍රිලංකාවේ කියලා. ඒ වගේම ලංකාවේ මේ රෑගත කිරිිම් වලට ලංකාවේ චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක් වන චන්ද්‍රම් රත්නම් විසිනුත් දායක වෙලා තියෙනවා. ඒ පිළිබදව චිත්‍රපටියේ සදහනකුත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය මාස හතරක් පුරාවට ලංකාවේ සිගිරය ආශිතව තමයි රුගත කරලා තියෙන්නේ.


මේ චිත්‍රපටියත් කවදත් අමුතු චිත්‍රපට හදන රාම් ගෝපාල් වර්මාගේ නිර්මාණයක්. මතකනේ මම ඔහුගේ චිත්‍රපටි කිහිපයක්ම අරගෙන ආවා.ඔහු මේ චිත්‍රපටියට උචිත කැලැවක් හැමතැනම හොයලා තියනවා. අවසානයේ ලංකාවේ සිගිරිය ආශ්‍රිත කැලැවක් අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටියේ එක් සිංදුවකුත් රුගත කරලා තියෙන්නේ බෙන්තොට වෙරළ තිරය ආශ්‍රිතවයි. කතාව ගැන කිව්වොත් ප්‍රඩේටර් ඉංග්‍රිසි චිත්‍රපටිය ආදර්ශයට අරගෙන තමයි මේක නිපදවලා තියෙන්නේ.චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් චිත්‍රපටයක් රූ ගත කිරීම සදහා කැලෑවකට යනවා.මෙහිදි මොවුන්ගේ කැමරාවක ඇතිවන දෝෂයක් නිසා රූගත කිරිම් ටික දිනකට කල් යනවා. ඉතින් ප්‍රධාන නළු නිලි යුවලයි නිශ්පාදන කණ්ඩායමේ කිපදෙනෙකුයි තිරණය කරනවා මේ ඉන්න දවස් ටිකේ කැලැවේ පොඩි රවුමක් දාන්න. නමුත් නොපෙනන බලවේගයක් විසින් මොවුන් එකිනෙකාව දඩයම් කරන්න ගන්නවා. මේ අයට මේ කැලැවෙන් පන බේරගෙන එලියට එන්න පුලුවන් වේවිද කියලා චිත්‍රපටිය බැලුවෝත් දැනගන්න පුලුවන්.

ඒ වගේම මට මේ චිත්‍රපටිය බැලුවාම හිතුනේ ලංකාවේ ඇත්තටම කොච්චර ලස්සන තැන් තියනවා ද,අපේ සිනමා කරුවන්ටත් ඇයි බැරි මේවැනි හොද නිර්මාණයක් කරන්න කියලායි. සයිස් වැඩි උනාට හිතන්න එපා අනිවාර්යෙන් අරගෙන බලන්න. පාඩුවක් වෙන්නේ නැහැ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.