Mirrors 2 (2010) සිංහල උපසිරැසි සමඟ.




කතාවේ නමෙන්ම තේරෙනවනේ හොල්මන් ඉන්නේ කොහේද කියලා. කණ්නාඩියක් ඇතුලේ ආත්මයකට සැඟවෙන්න පුලුවන්ලු. එහෙම උනොත් මොනා වෙයිද?. එහෙම කතාවක් තමයි Mirrors 2 චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ.මෙහි පලමු චිත්‍රපටියක් නිකුත් උනත්..කතා දෙක එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ. කතාව පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. මැක්ස් තම පෙම්වතියත් එක්ක යද්දි හදිස්සි අනතුරකට ලක්වෙනවා. එයින් එහුගේ පෙම්වතිය මිය යනවා. මැක්ස්ගේ දිවි ගැලවෙනවා. මේ අනතුරින් පසුව මැක්ස්ට එක එක විකාර පෙන්න ගන්නවා. මොහු මානසික වෛද්‍යවරයෙක් පවා මුණ ගැහෙනවා. ඔවුන් කියන්නේ අනතුරේ කම්පනය නිසා පේන දේවල් කියලා. කොහොම හරි මොහු තමන්ගේ තාත්තාගේ වැඩපොලේ ප්‍රධාන මුර පරික්ෂක ලෙස සේවය කරන්න යනවා. එහෙ ගියාට පස්සේ මොහුට කණ්නාඩි වලින් යම් කිසි අයෙකු මොහුගෙන් උදව්වක් ඉල්ලවා වගේ පෙන්න ගන්නවා. ඊට අමතරව මෙම කාර්යාලයේ සේවය කරන කිප දෙනෙක්ද හදිසියේ විවිධ අනතුරු වලින් මිය යනවා. මැක්ස්ට පෙන කණ්නාඩි වලින් පෙන කෙනාගෙයි මේ සිදුවන මරණ වලයි සම්බන්ධයක් තියනවද?. මැක්ස් මේ ගැන හොයන්න පටන් ගන්නවා. ඇත්තටම මේ හොල්මන කවුද? මැය පලිගන්න සොයන්නේ කවුද?. ඇයි මේ පලිගන්නේ. මැක්ස් මේ සේරම සොයාගෙන අවසානයට යන්න හැදුවත් ඔහුට මේ අද්භුත අබිරහස විසදිමට හැකිවෙයිද? මේක මම කාලේකට කලින් කරපු සබ් එකක්. ලඟදි ආපහු ඇඩ්මින් දුන්න චිත්‍රපටියක් කරන්න ගත්තාම මතක් උනේ. ඒක නිසා සබ් එක එව්වා. එහෙනම් ටික චිත්‍රපටිය අරන් බලන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රසංග පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.