සම්මාන 30කට නිර්දේශ වූ American Sniper (2014) සිංහල උපසිරැසි සමඟ.




කොහොමද යාලුවනේ?තවත් ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කරගෙන තමයි ඔයාලව මුණගැහෙන්න ආවේ.මෙම චිත්‍රපටය සම්මානයන් තිහකට නිර්දේශ වෙලා හොඳම ශබ්ද සංස්කරණයට හිමි ඔස්කාර් සම්මානය ඇතුළුව තවත් සම්මාන දහයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා.2015 ජනවාරි 16 වෙනිදා තමයි චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ චිත්‍රපටයේ බෙදා හැරීම් කටයුතු කරන්නේ වෝනර් බ්‍රදර්ස් ආයතනයෙන් නමුත් හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ මේ මාසේ මුල් සතියේ වගේ ඉතින් චිත්‍රපටය ඔයාලට ලබා දීමට ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලනවා මේ චිත්‍රපටය උපසිරසි ගැන්වුයේ avindu heshan සහෝගේ ඉල්ලීමකට ඔහුටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන ගමන් අපි ච්ත්‍රපටයේ අන්තර්ගතයි රංගනයෙන් දායක වෙන අයයි ගැන ටිකක් බලමු.

ක්‍රියාදාම, චරිතාපදාන, ත්‍රාසජනක, යුධමය වර්ගීකරණයට අයත් වෙන මේ සලරුව ලබාගෙන තියෙන IMDB අගය 7.4 ක් රංගනයෙන් දායක වෙන අය ගැන කතා කරනකොට The Hangover,Serena,American Hustle,Guardians of the galaxy,The A-team වැනි ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට වලට රංගනයෙන් දායක උන Bardley Cooper තමයි ප්‍රධාන චරිතය සඳහා පණ පොවන්නේ චිත්‍රපටයේ සිදුවීම ගැනත් පොඩි විස්තරයක් කියන්නම් ක්‍රිස් කියන්නේ පොඩි කාලේ ඉඳලම කව්බෝයි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක් නමුත් ඇමරිකාවට එල්ලවන ත්‍රස්තවාදී තර්ජන දකින මෙයා තමන්ගේ කවුබෝයි සිහිනය අතහැරලා රට වෙනුවෙන් සේවය කරන්න සීල් ස්නයිපර් කෙනෙක් විදියට හමුදාවට එකතු වෙනවා හමුදාවේ පුහුණු වෙන දවස් වල තමයි මෙයාට ටේයව මුණ ගැහෙන්නේ ටේයා කියන්නේ පෙම් සම්බන්ධතා කිහිපයක් අසාර්ථක වෙච්ච නිසා දුකින් ඉන්න කෙනෙක් ඒ වගේම එයා හිතාගෙන ඉන්නේ කවදාවත්ම සිල් කෙනෙක්ව නම් බඳින්නේ නැහැ කියලා මොකද එයාගේ සහෝදරිය සීල් කෙනෙක් එක්ක විවහා වෙලා ජීවිතය අසාර්ථක කරගත්ත නිසා නමුත් ක්‍රිස් සහ ටේයා අතර මිත්‍රත්වයක් ඇති වෙනවා බාර් එකකදී සිදු වෙන සිදුවීමක් නිසා ඔය අතරතුර තමයි ක්‍රිස්ට ඇෆ්ගනිස්ථානයට යන්න වෙන්නේ තමන්ගේ පලවෙනි සංචාරය විදියට එහෙදි ක්‍රිස්ගේ හොදම යාලුව මිය යනවා සතුරු ස්නයිපර් වෙඩි පහරකින් ක්‍රිස් තමන්ගේ යාලුවා වෙනුවෙන් සහ රට වෙනුවෙන් කරන කැපකිරීම තමයි මේ චිත්‍රපටය පුරාවට දිග ඇරෙන්නේ මේ දේවල් ක්‍රිස්ගේ සාමන්‍ය ජිවිතයට බලපාන්නේ කොහොමද යුද්ධයෙන් බැට කාපු යුධ සෙබලෙක්ගේ ජීවිතය ඉස්සරහට ගෙවෙන්නේ කොහොමද?වගේ දේවල් මෙම චිත්‍රපටයෙන් අපුරුවට විස්තර කරලා තියෙනවා මේක අවසන් වෙනකන්ම සංවේදීව ආසාවෙන් බලන්න පුළුවන් මගැරගන්න නොවටින චිත්‍රපටයක් කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එහෙමනම් අපි ගියා තවත් උපසිරසියකින් හමු වෙනකම් සැමටම ජය.





සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන BRRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.