Krithi Sanon රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය Dohchay (2015) සිංහල උපසිරැසි සමගින්



කොහොමද යාලුවනේ? කාලෙකට පස්සේ තමා ආයෙත් සබ් එකක් කරන්න පුළුවන් උනේ. දන්නවනේ ඉතින් වැඩ අධිකයිනේ. කොහොමද හරි ඔයාල වෙනුවෙන් අලුත් තෙලිගු චිත්‍රපටියක් අරන් ආවා. මම දන්නවා ඔයාල තෙලිගු එකක් දෙනකම් බලන් ඉන්න ඇති කියලා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ආවොත්නේ වෙන කෙනක් සබ් කරන්න හරි පුළුවන්. මේ සැරේ ගෙනාපු චිත්‍රපටියෙත් කිසිඳු භාශාවක සබ් එකක් අන්තර්ජාලයේ නෑ. ඒ නිසා වෙනදා වගේම මට මේකෙත් කාල රාමුව හදන්න උනා. දන්නවනේ කාල රාමු හදලා සබ් එකත් කරනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා.එහෙනම් වැඩිය කියවන්නේ නැතිව චිත්‍රපටිය ගැන විස්තරයක් කියන්නම්කෝ.

2015 අප්‍රේල් මස 24වන දින ප්‍රථම තිර ගතවීම ආරම්භ කරන මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Sudheer Varma විසින්. ඒ වගේම ඔයාල හොදට දන්න කියන නලුවෙක්ගේ පුතෙක් තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නේ. ඒ තමයි නාගඅර්ජුන්ගේ පුතා වන Naga Chaitanya. ඒ එක්කම නිලිය විදිහට මේකෙ ඉන්නේ Kriti Sanon මෙයාල දෙන්නගේ සුපිරි රංගනයකින් හැඩ උන චිත්‍රපටිය ඔයාල අරගෙන බලලා කොහොමද කියලා වචනයක් කියන්නකෝ. මෙයාල දෙන්නගෙ රංගනයෙන් හැඩ උන අපි මීට කලින් දීපු චිත්‍රපටි කිහිපයක් මෙතන සඳහන් කරන්නම්කෝ. Dhada, Heropanti, 1: Nenokkadine. ඒ වගේම IMDB අගයත් 6.2 ලබාගෙන තියෙනවා.

එහෙනම් කතාව ගැනත් ටිකක් කියන්නම්. මේකෙ තියෙන්නේ මුලින්ම දෙන්නෙක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ දෙන්නා හොරකම් කරපු කෝටි 2ක් මුදල අරන් ඔවුන්ගේ ලොක්කටත් හොරෙන් පැනලා යන්නයි හදන්නේ. ඒත් ඒ එක්කෙනෙක් ඒකට කැමති නෑ. කොහොම හරි මේ අස්සේ ප්‍රධාන නලුවා වෙන චන්දු ගැන පෙන්වනවා. මෙයා කරන්නේ මිනිස්සු ගොනාට අන්දලා සල්ලි හොයන එක. ඒ ඇයි කියලා බලලා තේරුම් ගන්නකෝ. ඕනම දේකට හේතුවක් තියෙනවානේ නේද? ඔහොම යන අතරේ දවසක් චන්දු අර පෞද්ගලික් උවමනාවක් වෙනුවෙන් අපාර්ට්මන්ට් එකකට ගිය වෙලාවක අර කලින් කියපු හොරු දෙන්නා එකිනෙකා වෙඩි තියා ගන්නවා ඇහෙනවා. ඒකත් නිකන්ම නෙමෙයි වෙන්නේ. වෙඩි තියා ගන්නත් දෙයක් හේතු වෙනවා. එහෙම වෙඩි වැදුන තැනට චන්දු ගියාම එතන තියෙන කෝටි 2 දකිනවා. එයා ඒක හොරකම් කරන් යනවා. හැබැයි මේ සල්ලි වෙනුවෙන් ගොඩක් අය බලන් ඉන්නවා. මෙතනින් පස්සේ චන්දුගෙ ජීවිතයේ ලොකු වෙනසක් වෙනවා. මොකද වෙන්නේ කියලා අරගෙනම බලන්න.

එහෙනම් අදට මම යනවා. ඔයාල හැමෝටම සුබ දවසක්. පළුවන් ඉක්මනට තව එකක් ගේන්න උත්සහ කරන්නම්කෝ අදහසකුත් දාලම යන්න අමතක කරන්න එපා හොදේ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

  1. සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට.....
    මම මේ පේජ් එකට අද ගොඩ උනේ. අවුරුදු දවස් ටිකේ බලන්න කියල මාතලේ CD ෂොප් එකකින් තෙළිඟු ෆිල්ම් 10ක් ගෙන්න ගත්ත. ලියලම ඇරිය සිංහල සබ්ස් තියෙන ඒව අනිවාර්යයෙන් එවන්න කියල. 2ක් අවුලක් නෑ, අනික් ඒවා ඔක්කොගෙම සබ්ස් වෙනුවට හතරැස් කොටුනෙ වැටෙන්නෙ. ඒ ෆිල්ම් ඇතුලෙම තමයි මේ www.zoom.lk කියන address එක තිබුනෙ. මුන්ට කියලත් හරියට එව්වෙ නැහැනෙ. මට යකා නැගල ඉන්නෙ මේ වෙනකොට... ඒක හදාගන්න විදියක් තියේ නම් මට කියල දෙන්න.

    ReplyDelete

Powered by Blogger.