Chandi Veeran (2015) සිංහල උපසිරැසි සමඟ



කාලේකට පස්සේ දමිළ චිත්‍ර‍පටියක් අරන් ගොඩවැදුනා. හරියට බැලුවොත් මේ මගේ 150 වැනි උපසිරැසි ගැන්වීම. එත් 150ට දෙන්න යන්න චිත්‍ර‍පටිය දැන්ම හිතාගෙන ඉන්න නිසා මේක 151 කියලා හිතාගමු හොදේ...මතක ඇතිනේ අපි දිපු Naiyaandi චිත්‍ර‍පටිය. එය අධ්‍යක්ෂණය කරපු A. Sarkunam ගේ නිර්මාණයක් තමයි මේ චිත්‍ර‍පටියත්. මේ චිත්‍ර‍පටිය ඉතින් සබ් එකක් ආවේ නැති උනත් දෙන්න උන එකම හේතුව ඉතින් මම කලින් ඔයාලාට දුන්නPoriyaalan,Kayal (2014) වැනි චිත්‍ර‍පටි වලත් ප්‍ර‍ධාන චරිත නිරුපණය කරපු Anandhi නිසාම විතරයි. මිට අමතරව මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නළුවා ලෙස Atharvaa රංඟනයෙන් දායක වෙනවා. ඔහු රංඟනයෙන් දායක වුන Irumbu Kuthirai වැනි චිත්‍ර‍පටි අපි දුන්නා මතක ඇති නේ.

මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම් ගම් දෙකක් තියෙනවා. මේ ගම් දෙකම එකිනෙකාට වෛරයෙන් ඉන්නේ. ඒ මොනවාත් නිසා නෙමෙයි වැවක් නිසා. එක් ගමක වතුර පහසුකම් නැ. ඔවුන්ගේ ළිදක් හැරුවාත් එන්නේ ලුණු මිශ්‍ර‍ජලය. මේ නිසා අල්ලපු ගමේ වැවෙන් මේ අය වතුර ලබාගන්නවා. නමුත් ඒ ගමේ අය මේකට කැමැති වෙන්නේ නැහැ. මේ නිදා ගම් දෙක අත ලොකු ගැටුමක් ඇති වෙනවා. චිත්‍ර‍පටියේ කොහොමත් ලොකුවටම කතා කරන්න උත්සහා කරලා තියෙන්නේ ජලයේ වටිනාකම තමයි... ඒ ගම් වල ප්‍ර‍ශ්නය ඔහොම යද්දි පාරි කියන තරුණය සිංගප්පුරුවේ ඉදලා ගමට එනවා. පාරි පොඩි කාලේ ඉදන් ලයින් එක අල්ලගෙන හිටපු කෙල්ල තමයි තාමාරා කියන්නේ. පාරි ගමට ඇවිල්ලා තාමරා එක්ක කතා කරන්න හිතුවාට කාලයකට පස්සේ ආව නිසාදෝ තමාරා පාරිව මඟහරින්න පටන්ගන්නවා. එත් ඉතින් පාරි මේ කෙල්ලව හොයාගෙන හැම තැනම යනවා. මේ දෙන්නාගේ ආදර කතාව නම් විනෝදෙන් බලන්න පුලුවන්. ඉතින් මෙහෙම ගැණු ළමයෙක් පස්සේන් ගිය පාරි අන්තිමට මේ ගම් දෙකේ සටන මැද්දට පැටලෙනවා. එහෙම වෙන්නේ ඇයි කියන එක දැනගන්න චිත්‍ර‍පටිය අරගෙනම බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP Xvid ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.