Jupiter Ascending (2015) සිංහල උපසිරැසි සමගින්

තව චිත්‍රපටියක් අරගෙන ආවා ටික කාලයක් යනකම් මේක මම දෙන අවසන් චිත්‍රපටිය වේවි.

කතාව ගැන කිව්වොත් මැක්ස් කියන්නේ තාරකා විද්‍යාඥයෙක්. ඔහු කාලයක යද්දි කාන්තාවකට ආදරය කරනවා. දෙන්නා විවාහ වෙනවා. ඔවුන්ට දරුවෙක් ලැබෙන්න යද්දි මැක්ස් තාරකාවිද්‍යාවට මහත්සේ ඇලුම් කරන නිසාම ඉපදෙන තමන්ගේ දරුවාට ජූපිටර් කියලා (බ්‍රහස්පති ග්‍රහයා හදුන්වන නම) නම දාන්න අදහස් කරනවා. නමුත් ඇයගේ මව මේකට කැමැති වෙන්නේ නැ. නමුත් දිනක් රාත්‍රියේදි සිදුවන පොඩි සිදුවිමක් නිසා මැක්ස් මිය යනවා. මේ අතර කාලයේ මැක්ස් ගේ බිරිදට දරුවා ලැබෙනවා. ඇය තමන් සැමියා ආස කරපු නම වෙන ජූපිටර් කියලා ඇයට නම තියනවා.ජූපිටර් තරුණ වියට පත්වුනාම ඇයගේ ජිවිතේ සුන්දර එකක් වෙන්නේ නම් නැහැ.කොහොම හරි මිට පස්සේ වෙන කතාව මේ විදියට කියන්නම් පිටසක්වල ඉදන් පිරිසක් පැමිණෙනවා ඇය ජූපිටර්ව පැහැරගන්න හදනවා.. ඇයව බේරගන්න කෙනෙක් පෘථිවියට එනවා. ඔහු ඇයව මේ හැමෝගෙන්ම බේරගෙන ඇයට දෙයක් පවසනවා. ඔහු කියනවා මේ පෘථිවියේ අයිතිකාරිය ඇය බව. ජූපිටර් කොහොමද පෘථිවියේ අයිතිකාරිය වෙන්නේ? කවුද මේ ජූපිටර්ව මරන්න ආපු අය? මේ හැම දෙයක්ම දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්න වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය පොඩි අය බලනවා නම් ගෙදර අයත් එක්ක බලන්න එපා හොදේ. මොකද අපහසුතාවයට පත්වෙන්න පුලුවන් දර්ශන කිහිපයක්ම චිත්‍රපටියේ තියන නිසා. අර උඩින් කිව්වා නේ කාලයක් යනකම් මම දෙන අවසන් චිත්‍රපටිය වේවි කියලා. හැබැයි අවසන් සබ් එක නෙමෙයි. ඇඩ්මින් මට ටිවි සිරිස් එකක් දුන්නා කරන්න කියලා. ඉතින් ඒක ඉවරයක් කරලාම ෆිල්ම් එකකට අතගහන්නම්. එත් පුලුවන් විදියට ෆිල්ම් වලටත් සබ් දාන්නම්.එහෙනම් ගිහින් එන්නම් තවත් මේ වගේම ලස්සන චිත්‍රපටියක් ආ වැරදුනා

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි
සැ.යු:මෙහි
සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ
අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Leave a Comment