Pay the Ghost (2015)



එහෙනම් කස්ටියට අදත් ෆිල්මක් දෙන්න තමයි මේ යන්නේ. මේකත් ඉතින් හොල්මන් එකක්. මාර වැඩේ කියනනේ එක දිගටම හොල්මන් චිත්‍රපට තුනක් තමයි දෙන්නෙ වෙලා තියෙන්නේ. ඊළඟ එකත් බොහෝ දුරට හොල්මන් එකක් වේවි. නැත්නම් බොහෝ දුරට ෆැන්ටසි එකක් වේවි. ඉතින් ඒ අනාවැකියත් සමඟින් මේ චිත්‍රපටයට අපි මුලපුරමු. මේ කතාව මම බලපු අනෙක් කතා වලට වඩා ගොඩක් වෙනස් එකක්. ගොඩක් විචාරකයන්ගෙ අදහස් වුනත් සලකා බලනකොට ඉතා ඉහළින් මෙම චිත්‍රපටය වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ෆිල්ම් එක මොන වගේද කියලා බලනකොට තමයි කතාව ඇත්ත කියලා තේරුනේ. ඉතින් වෙනස්ම කතාවක්, මේක බලනකොට සමහර අවස්ථාවල ඉස්සර අපි බලපු Nightmare at the Elm Street සීරීස් එකත් මතක් වුනා. දැන් ටිකක් කතාවෙ අභ්‍යන්තරය ගැන සාකච්ඡා කරමු.

මේ කතාවේ පුංචි පවුලක් ඉන්නවා. ඒකෙ බලපෑමට ලක්වෙන්නේ චාලි කියන පොඩි දරුවා. ඉතින් මේ පවුලෙ තාත්තට රඟපාන චරිතෙ නම මයිකල්. එයා යම් විශ්ව විද්‍යාලක ගුරුවරයෙකු වියහැකියි. ඒක ලොකුවට චිත්‍රපටය තුල කතාබහට ලක්වෙනවා. ඉතින් මේ කතාවේ මූලික න්‍යෂ්ටිය වෙලා තියෙන්නේ චාර්ලි කියන පොඩි දරුවා. ඒ කියන්නෙ අර පුංචි පවුලෙ පොඩි දරුවා. ඉතින් මේ ලමයට ළඟකදි ඉඳලා යම් යම් අද්භූත දර්ශන පේන්න ගන්නවා. ඒවට ඒ ලමයා බය වෙන්න ගන්නවා. ඉතින් එයා සමහර වෙලාවට දෙමාපියන් ළඟ නිදාගන්නත් පෙළඹෙනවා. ඉතින් ඔහොම යනකොට එක්තරා කානිවල් එකකදි ඔහු පැහැරගැනීමකට ලක්වෙනවා. ඒ තාත්තගෙ අතේ ඉඳිද්දිමයි. හැබැයි එයා පැහැරගත්තේ මනුස්සයෙක් නම් නෙමෙයි. එහෙනම් කවුද? ඒ පැහැරගත්ත කෙනාට ඒ ලමයගෙන් මොනවද ඕන? අපි කතාව බලලාම තීරණය කරමු.

මේ චිත්‍රපටයේ සුප්‍රසිද්ධ නළු නිළියන් දෙපලක් සිටිනවා. ඒ අතර මුලින්ම එහි රඟපාන සුපිරි නළුවාගැන කියන්නම්. ඔහු National Treasure, Ghost Rider, Kick-Ass වැනි සුපිරි චිත්‍රපට වල රඟ පෑ සුපිරි නලු Nicolas Cage ය. එමෙන්ම ප්‍රධාන නිළිය ගැන කිව්වොත් Into the Storm වැනි චිත්‍රපට මෙන්ම අපි ආසාවෙන් නරඹපු The Walking Dead, Prison Break වැනි සුපිරි ටීවි සීරීස් වල රඟපෑ Sarah Wayne Callies මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපාලා තියෙනවා. එමෙන්ම මම චිත්‍රපටයේ න්‍යෂ්ටිය වශයෙන් හඳුන්වපු පොඩි ලමයා ගැන කිව්වොත් ඔහුගෙ සැබෑ නම තමයි Jack Fulton. එමෙන්ම මෙය ඔහුගේ පළමුවැනි චිත්‍රපටය ලෙසයි මූලාශ්‍ර සඳහන් කරන්නේ. පළමු චිත්‍රපටයෙන්ම ජාත්‍යන්තරයට යන එකත් මහ වාසනාවක් නේද.. එහෙනම් තවත් දවසකින් හමුවන තුරු හැමෝටම සුබ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් හා J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.