Bereavement (2010) සිංහල උපසිරැසි සමගින්




අභිරහස් මිනිමැරුම් වගේ චිත්‍ර‍පටිවලට ආස අයට අනිවාර්යෙන්ම මේ චිත්‍ර‍පටිය හොද නිර්මාණයක් වේවි. එත් ලේ තියන දර්ශන වද දෙන එවා බලන්න අකමැති නම් මේ චිත්‍ර‍පටිය නොබලා ඉන්න එක තමයි හොද. චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ සැන්ඇන්ඩ්‍රියාස් චිත්‍ර‍පටියේ රඟපාපු Alexandra Daddario විසින්. සැන්ඇන්ඩ්‍රියාස් බලලා තමයි ඉතින් මේක සබ් කරන්නත් හිතුනේ.

කතාව ගැන කියනවා නම් CIPA නැමැති රෝගි තත්වයක් තියනවා. මේ රෝගය හැදුනාම ශරිරයට වෙන වේදනාව දැනෙන්නේ නැතුව යනවා. හිතන්න ඔයාගේ අත කැපුනා කියලා එත් ඒක දැනෙන්නේ නැහැ. එහෙම අය හිතන්නේ අනික් අයටත් මේ වගේ දේවල් දැනෙන්නේ නැහැ කියලා. මේක භයානක රෝගි තත්වයක්. මේ රෝගයෙන් අවුරුදු පහක් වෙන මාටින්ට වැලදිලා තියෙන්නේ. මාටින්ව දිනක් එක් පුද්ගලයෙක් විසින් පැහැරගන්නවා. මේ පුද්ගලයා මානසික රෝගියෙක්. ඔහු ජිවත් වෙන්නේ අතහැරලා දාපු කර්මාන්ත ශාලාවක. ඔහු එතැනට කාන්තාවන්ව අල්ලගෙන ඇවිල්ලා වද දිලා මරලා දානවා. ඔහු මේ දේවල් කරන්න කුඩා මාටින්ට උගන්වනවා. මාටින්ගේ අත පිහියකින් තුවාල කරනවා. නමුත් මාටින්ට අර රෝගි තත්වය නිසා ඒක දැනෙන්නේ නැහැ නේ. පසුව අර මනුස්සයා පොඩි ළමයාට කියනවා මේ අයටත් දැනෙන්නේ නැහැ ඉතින් කැමැති විදියටක ඔවුන්ට වද දෙන්න කියලා.

මෙහෙම කාලය අවුරුදු පහක් යනකම් ගෙවිලා යනවා. මේ පලාතට ඇලිසන් එන්නේ මේ අතර කාලයේදි. ඇලිසන් තමන්ගේ මාමා වෙන ජොනතන්ගේ නිවසේ නවතින්න තමයි එන්නේ. ඇලිසන් හැමදාම උදේට ව්‍යායාම කරන්න ටිකක් දුවනවා. මෙහෙම දුවන අතර අර අතහැරලා දාපු කර්මාන්ත ශාලාව ලගින් යද්දි ඇලිසන් දකිනවා කුඩා ළමයෙක් ඇතුලේ ඉන්නවා. ඒක දැකපු ඇලිසන් පුදුම වෙනවා ළමයෙක් මේ අතහැරලා දාපු බිල්ඩිමේ මොකද කරන්නේ කියලා... මේ කුතුහලය නිසාම ඇලිසන්ට වෙන්නේ අර මානසික පුද්ගලයාගේ ගොදුරක් වෙන්න...එතැනින් එහාට මොකද වෙන්නේ කියලා කතාව අරගෙනම බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.