ක්‍රියාදාම සපිරුණ ටෝනි ජා රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය SPL 2 - A Time For Consequences (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න මම තවත් සුපිරි ගණයේ චිත්‍රපටයක් අරන් ආව මේක නිකුත් වුනේ චීන හා හොංකොං ක්‍රියාධාම චිත්‍රපයක් විදියට මේක අධ්යක්ෂණය කරේ Cheang Pou-soi විසින් ඒ වගේම මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අසියාවේ ඉන්න සුපිරිම සටන් නළුවන් පිරිසක් නම් වශයෙන් Tony Jaa, Wu Jing, Simon Yam ඒ වගේම Zhang Jin. මෙහි පළවෙනි චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2005 වසරෙදි. මේ චිත්‍රපයට ගැන කියනවා නම් මම කාලෙකින් දැක්ක සුපිරිම සටන් ජවනිකා කිහිපයක්ම මෙකේ පුරා දකින්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍රපටයේ භෂා කිහිපයක්ම කතා කරනවා ප්‍රධාන වශයෙන් මැන්ඩරින්, කැන්ටොනීස්, තායි වගේම යම් තැන් වලදි කොරියානු භෂාවත් පාවිච්ච වෙනවා. මේ චිත්‍රපටියට මුලික වෙලා තියෙන්නේ විශාල සංවිදාන ගත මිනිස් අවයව ජාවාරම් කල්ලියක් ගැන. මේ වන කොට මේ චිත්‍රපටය imdb 7.1/10 වගේ අගයක් මේ වොන කොට අරගෙන තියනවා. මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියනවා නම් වෙස්වලාගත් පොලිස් කාරයෙක් වෙන කිට් (Wu Jing) මත්ද්‍රව්‍ය වලට ඇබ්බහැ වෙච්ච කෙනෙක් වෙන්න වෙනවා එයාලගේ ඉලක්කය වෙන අවයව ජාවාරම් කල්ලියක නායකයා හුං (Louis Koo) අල්ලා ගන්න. කොහොම හරි අන්තිමට මෙහෙයුම වේලාවේදි කිට් ජාවාරම් කාරයින් විසින් අල්ලා ගෙන යනවා. කොහොම හරි ජාවාරම් කල්ලියේ නායක හුං දරුණු හදවත් රෝගයකින් පෙලෙනවා එයාගේ රුධිර වර්ගය ගොඩක් දුර්ලබයි මෙයා අන්තිමට තමන්ගේ සහෝදරයාගේ හරි හදවත බලෙන් අර ගන්න හදනවා ඒත් කිට් හා හොංකොං පොලිසි මෙහෙයුම අතරේදි සේරම කනපිට පෙරලිලා කිට් ජාවාරම් කාරයින්ටත් හුං සහෝදරයා හොංකොං පොලිස් භාරයටත් ගන්නවා. කොහොම හරි පැහැරගත් කිට්ව ජාවාරම් කල්ලිව විසින් බැංකොක් වල හිරගෙදරක හිරකරන් ඉන්නවා ඒ හුං සහෝදරයා එක්ක කිට්ව ගනුදෙනුවක් කරන්න. කොහොම හරි තායි පොලිස් නිලධාරියෙක් වෙන චායි (Tony Jaa) තමන්ගේ ලියුකේමියාවෙන් පෙලෙන දුව සුව කරගන්න ඕනේ කරන මුදල් හොයා ගන්න මේ හිරගෙදර ආරක්ෂකයෙක් විදියට සේවයට එනවා. ඔහුගේ වගකිම තමයි කිට් ගැන ඇහ ගහන් ඉන්න ඒක. කිට් තමන් හොංකොං පොලිස් නිලධාරියෙක් කියලා හැමෝටම කියන්න උත්සහ කරනවා ඒත් කාටවත් එයා කතා කරන භාෂාව තේරුම් ගන්න බැහැ චායි ඇතුළුව. කොහොම හරි චායිගේ දුව බේර ගන්න පුලුවන් ඇටමිදුළු දායකයෙක් ගැන රෝහලින් චායි දැන ගන්නවා ඔහු හොංකොං ජාතිකයෙක් ඒත් එයාව සම්බන්ධ කරන්න චායිට බැරි වෙනවා ඒත් ඔහු ඒ සම්බන්ධ කරගන්න උත්සහ කරන තමන්ගේ දුවගේ ජිවිතය බේරගන්න පුලුවන් පුද්ගලයා තමන් විසින් ආරක්ෂා කරන කිට් කියලා එයා දන්නේ නැහැ. ඒ වගේම මේ හිරගෙදර පාලක (Max Zhang) කියන්නෙත් ජාවාරම් කල්ලියේ සාමාජිකයෙක් ඔහු අවයව ලබා ගැනිම සඳහා අල්ලාගෙන ආපු පුද්ගලයින් ඔහු පාලනය කරන හිරගෙදර තමයි හිර කරන් ඉන්නේ.
එයා තමයි චායිට කිට් හට තියන ලොකුම අභියොගය වෙන්නේ මොකද කියනවා නම් ඔහු අති දක්ශ සටන් කරුවෙක් ඔයාලට ඒද දකින්න පුලුවන් වෙයි. කොහොම හරි අවසානයේදි චායි දැන ගන්නවා කිට් ගැන ඊට පස්සේ මේ දෙන්නා මෙකෙන් ගැල වෙයිද චායි තමනගේ දුවගේ ජිවිතය බේර ගනිවිද මොනවද කරන්නේ කියලා ඔයාලම බලාන්න බාර දෙනවා. මේ චිත්‍රපටය ඔයාල බලපු සුපිරිම ආසියානු සටන් චිත්‍රපට වලින් එකක් වෙනවා කියන එක මට විශ්වාසයි. මේ චිත්‍රපටය නිකුත් වෙලා වැඩි දවසක් නැති නිසා හොඳ ටොරෙන්ට් එකක් තිබුනේ නැහැ ඒ නිසා ටොරෙන්ට් එක අප් කරලා දුන්න thasneen සහෝට ගොඩක් ස්තුති කරන්න ඕනේ. එහෙනම් ඔයාල මේක බලලා අදහසක් දාල යන්න. ආයෙත් මේ වගේ හොද නිර්මාණයකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.