Warcraft (2016) සිංහල උපසිරැසි සමඟින්


මුළු ලෝකෙම බලාගෙන හිටපු සුපිරි ඇඩ්වේන්චර් චිත්‍රපටයක් දෙන්න තමයි මේ අපගේ උත්සාහය. මේ චිත්‍රපයය එක්තරා ආකාරයක ෆැන්ටසි එකක් කිව්වත් නිවැරදියි. ඒත් මොන කැටගරි එකේ වුනත් මොකෝ සුපිරි එඩිට් එකක් එහෙම තියෙනව නම් නේද.. ඉතින් මන් හිතන්නෙ මේ චිත්‍රපටය හදන්න විශාල පරිගණක තාක්ෂණයක් උපයෝගී කරගෙන තිබෙන බවයි. මොකද මේ චිත්‍රපටයේ මිනිස්සු ඇරෙන්න අනෙක් විශාල ගෝත්‍රික පිරිස් නිර්මාණය කරලා තියෙන්නෙ පරිගණක වලින් බව ත්‍රීඩී ඇනිමේෂන් පිළීබඳව යම් හැදෑරීමක් කරන මට තේරුම් ගන්න අපහසුතාවයක් දැනුනෙ නෑ... හැබැයි අපරාදෙ කියන්නබෑ සියලු නිශ්චල ත්‍රිමාන රූපයන් ඉතාමත් සජීවී ආකාරයෙන් නිරුපණය කරන්න උත්සාම ගෙනතිබෙනවා්‍... වන් ඇන්ඩ් ඕනලි මේ වගේ චිත්‍රපට හදන්නෙ ලොවෙත් අමෙරිකාව තමයි..

ඒවගේම මේ චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳව මූලික අදහස දාලා තියෙන්නෙ 2006 වසරෙදියි. ඒ Legendary Pictures ආයතනයත් සමඟ ගිවිසුම් ගත කිරීමෙන් අනතුරුවයි.. ඉතින් බලන්න යාලුවනේ අවුරදු දහයක් ගිහින් තිබෙනවා චිත්‍රපටය හදන්න.. ඇත්ත නැත්ත දන්නෙ නෑ ඒත් එනවුන්ස් කරලා තියෙන්නෙ නම් 2006 දි.. කෙනෙක්ට හිතේන පුලුවන් මොකද ඒ කාලෙ ඉඳන්ම එනවුන්ස් කරලා මෙච්චර කල් හදන්න ගියේ කියලා.. ඒ කාලය Blizzard Entertainment ආයතනය විසින් Warcraft නමින් වීඩියෝ ගේම් එකක් නිර්මාණයකරලා තිබෙනවා.. ඉතින් ඒක රිලීස් කරනවත් සමඟම තමයි නිවේදනය කරලා තියෙන්නෙ මේ චිත්‍රපටය ගැනත්...

කතාව පැත්තට ගියොත් මෙහෙමයි සීන් එක... මේ ගේම යන්නෙ ඔර්ක්වරු හා මිනිසුන් සමඟයි.. මේ ඔර්ක් වරු විවිධ ගෝත්‍රික කණ්ඩායම් වලට බෙදිලා ඉන්නෙ.. ඉතින් මෙයාලගෙ මායා බලය තියෙන ඉතාම බලසම්පන්න ඔර්ක් වරයෙක් ඉන්නවා.. එයා අනිත් ඔර්ක් වරු යටත් කරගෙනයි ඉන්නෙ.. ඉතින් මෙයාලා මායා බලය වැරදියට පාවිච්ඡි කරන නිසා එයාලා ඉන්න ලෝකය විනාශ වෙනවා.. ඉතින් එයාලා මායා බලය පාවිචඡි කරලා පෘථිවියටත් එනවා.. ඒ එන්නෙ නිකන් නෙමෙයි මේ ලෝකෙ තියෙන දේවලුත් අරන් යන්න.. ඉතින් මෙහෙම ඉන්න අතරෙ ඔර්ක් වරුන්ගෙ එක්තරා ගෝත්‍රික පිරිසක් මායා බලය භාවිතා කරන අදාල ගල්ටන් විරුද්ධව මිනිස්සු එක්ක එකතු වෙන්න තීරණය කරනවා.. ඉතින් මේ ඔර්ක් වරු අතර හා මිනිසුන් හා ඔර්ක් වරු සමඟ යන සුපිරි ඇඩ්වේන්චර් සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි මේක... නොබැලුවොත් ලොකු පාඩුවක් වේවි කියලා පුද්ගලිකව හිතෙනවා.. ඒක නිසා අනිවාරයෙන් බලන්න කියලා ඉල්ලිමක් කරනවා..

චිත්‍රපටය බෙදාහැරීමේ කටයුතු කරලා තියෙන්නෙ වෙනදා වගේම යුනිවර්සල්.. ඒ වගේම ලෙජන්ඩරි පික්චර්ස් ආයතනය තමයි නිෂ්පාදන කටයුතු කරගෙන ගිහිල්ලා තියෙන්නෙ.. මේ චිත්‍රපටය iMDB හි රේටින්ග්ස් 7.5 ක් ලබාගෙන තිබෙනවා.. ඒ වගේම චිත්‍රපටයෙ අධ්‍යක්ෂක වරයා වන්නේ අවුරුදු 45 ක් වයසැති Duncan Jones මහතාය. ඔහු Moon(2009), Source Code(2011), Whistle(2002) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තිබෙනවා.. සමහර චිත්‍රපට ලෝකෙ ඉතාමත් ජනප්‍රිය වුන ඒවා.. එමෙන්ම තිර රචනය කරලා තියෙන්නෙ In the Heart of the Sea(2015), Blood Diamond(2006) වැනි චිත්‍රපට වලටවූ Charles Leavitt මහතාය. එමෙන්ම Travis Fimmel මෙම චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය හොඹවනඅතර Paula Patton විසින් ප්‍රධාන නිළි චරිතය හොබවනු ලබයි. ඉතින් අපි මහන්සියෙන් දාන උපසිරැසියට ඔයාලගෙන් ලැබෙන කමෙන්ට් එක අමෘතය ලැබෙනව වගේ... ඒක නිසා පුලුවන් නම් සබ වඩුන්ලෝඩ් කරනගමන් කමෙන්ටුවක් කොටාගෙන යන්න.. එහෙනම් තවත් මේවගේ චිත්‍රපටයකින් හමුවනතුරු සුබ දවසක්.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසි අප ලබා දි ඇති WEB පිටපත් සදහා පමණක් ගැලපේ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


720P 990MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 990MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් හා චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.