The Conjuring 2 (2016) Sinhala Subtitles
කන්ජරින් 2 එක ගැන කතා කරන්න දෙයක් නැති තරම්නේ.මාස ගානක් ඔයාලා බලාගෙන හිටියා මේ චිත්‍රපටය එනකල්. මිනිස්සු 37ක් මේ චිත්‍රපටය බලද්දි මැරුනා කියලා ආරංචිය ගියාට පස්සේ තමයි ලංකාවෙත් ගොඩක් අය මේක එනකල් හිටියේ. බ්ලූරේ කොපියම ඔන්න ගෙනාවා මම.
කන්ජරින් 1 චිත්‍රපටය බැලුවානම් කතාව ගැන පොඩි අවබෝධයක් ලැබේවි. ඒක බලලා නැත්නම් ඒක බලලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. හැබැයි නොබැලුවා කියලා ප්‍රශ්නයක් නම් වෙන්නේ නෑ. මොකද මේ චිත්‍රපටයයේ තියෙන්නේ අලුත් සිද්ධියක් ගැන. 1976 ඇමිටිවිල් වල සිද්දියෙන් පසුව (පළමු චිත්‍රපටය) එඩ් සහ ලොරේන් දෙපල ලන්ඩන් වල සිදුවුන අත්භූත සිදුවීමකට සම්බන්ධ වෙනවා. හඩ්සන් පවුලේ දෙවැනියා,ජැනට් නින්දෙන් ඇවිදින්න ගන්නවා. නිදාගන්නේ ඇඳේ වුනාට නැගිටින්නේ වෙන තැනකදි. ටිකෙන් ටික මුලු පවුලේම අය විවිධ දෑ අත්විඳින්න ගන්නවා. ජැනට් මඟින් වෙනත් ආත්මයක් කියනවා මේ නිවස ඔහුගේ කියලා. අම්මා තමන්ගේ ඇස් දෙකෙන්ම අදහගන්න බැරි භයානක දෙයක් අතිවිඳිනවා. ඒකත් එක්කම ඔවුන් නිවස අතෑරලා පලා යනවා අසල්වාසියෙක්ගේ ගෙදර. ඒකත් සමඟ මාධ්‍ය වලිනුත් දැනගෙන මේ පිළිබඳව රූපාවිහිනී නාලිකාවල වැඩසටහන් කරනවා. ඒකත් එක්ක තමයි ලොරේන් සහ එඩ් මෙයට සම්බන්ධවෙන්නේ පල්ලියේ ඉල්ලීමක් පිට. නමුත් ඔවුන් පැමිණියාට පස්සේ තේරෙනවා මෙය සාමාන්‍ය ඔවුන් විසඳපු දේවල් වලින් එකක් නෙවෙයි කියලා. ඊට හාත්පසින්ම වෙනස් භයානක අමනුෂ්‍ය ආත්මයක් මෙයට සම්බන්ධවෙලා තියෙනවා කියලා.
හොල්මන් චිත්‍රපටයක් නිසා කතාව කියන්න යන්නේ නෑ. බලන්නකෝ එහෙනම්. ආ තව දෙයක්. මේක බලලා 37ක් මැරුනා කියන්නේ නම් කට කතාවක් විතරයි. ඉන්දියාවේ අවුරුදු 65ක් වයසැති පුද්ගලයෙකු මිය ගියා කියලා නම් පුවත් වෙබ් අඩවි වාර්ථා කලා. ඒත් ඔහුගේ සිරුර වැඩිදුර පරික්ෂණ සඳහා වෙනත් රෝහලකට යවද්දි තුරුදහන් වෙලාලු. ඒක නිසාම මේ චිත්‍රපටයට ලොකු ප්‍රචාරණයකුත් ලැබුනා.
ඇ.ඩො.මි. 40ක් වියදම් කරපු කන්ජරින් 2 චිත්‍රපටයට බොක්ස් ඔෆීස් ආදායම විදියට ඇ.ඩො.මි. 319ක් හොයන්න වැඩි කාලයක් ගත වුනේත් නෑ. චිත්‍රපටය ඇමරිකාවේ තිරගතවීම ආරම්භ කලේ මේ අවුරුද්දේ ජූනි මස 10 වැනිදා ඉඳලා.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


Leave a Comment