Battleship (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


මම කලින් කියුවනෙ අපේ උපසිරැසි කන්ඩායම සතුව චිත්‍රපටයේ හොඳ පිටපතක් පැමිණ පැය 24 කටත් අඩුවෙන් ගුනාත්මක බවින් යුතු උපසිරැසි ලබදීමෙ කැකියාව තියෙනවා කියලා. ඔන්න ඒ කියපු දේ සනාත කරන්න තමයි මෙ හදන්නෙ. මේ චිත්‍රපටයේ BRRip පිටපතක් පැමිණ පැය 24 ක් යන්න කලින් ඔබට ලබා දීමට හැකි වීම ඇත්තටම සතුටු වියහැකි කාරණාවක්. මේ චිත්‍රපටයේ හොඳ පිටපටක් ලැබෙන තුරු හුඟ දෙනෙක් බලන් හිටියා. ඒ මේ චිත්‍රපටය ලොව පුරා සහ ලංකාවේ දර්ශන කිරීම් ආරම්භ කරපු දිනයේ සිට ලබාගත් ප්‍රේක්ෂක ආකර්ෂණය නිසයි. ඒ වගේම මේ වසරේ තිරගත වුනු චිත්‍රපට අතරින් වැඩිම අදායම් ලබාගත් චිත්‍රපට එකතුවට මෙම චිත්‍රපටයත් අයත් වෙනවා.ඒ අතරම ඔබ කවුරුත් දන්න Rihanna ත් මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට පණ පොවනවා.කතාව ගැන කියනවනම් ඇමරිකානු විද්‍යාඥ පිරිසක් විසින් චන්ද්‍රිකාවක් කක්ෂගත කරනවා පිටසක්වල ජීවින් සිටිනවානම් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා. මේ අතර ඇමරිකානු සහ ජාත්‍යන්තර යුද නාවික එකතුව නාවික අභ්‍යාසයක් පවත්වනවා පැසිපික් සයුර ආශ්‍රිතව. හදිසියේ මෙම නාවික කණ්ඩායම ප්‍රහාරයට ලක්වෙනවා. නිකම්ම ප්‍රහාරයක් නෙමෙයි පිටසක්වල යානා ප්‍රහාරයක්. කතාව වැඩි දුර කියන්න යන්නේ නා. එහෙම කරලා රසය අඩු කරන්න ඕනේ නෑ නේ. ඔබ Transformers චිත්‍රපටි මාලාවේ රසිකයෙක් නම් , ඔබට මේ ශබ්ද ප්‍රයෝග සහ දර්ශන ප්‍රයෝග ටිකක් හුරු වෙන්න පුළුවන්. මන්ද ඉතා ලස්සනට මෙම ප්‍රයෝග නිර්මාණය කරලා තියෙනවා චිත්‍රපටය පුරාවටම. 

එහෙනම් ඉතින් වැඩි විස්තරයක් නොමැතිව චිත්‍රපටය සහ උපසිරසි බාගත කරන්න කියනවා. ඒ වගේම හැමදාම ඕනේ වෙලාවක උපසිරැසි සඳහා උදවු කිරීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙන කවුරුත් හඳුනන මහේෂිටත් මේ වැඩේ ඉක්මන් කරගන්න උදවු කෙරුවට මෙහිදී විශේෂ ස්තුතියක් හිමිවිය යුතුමයි. ඉතින් ඔබට හිතෙනවනම් මේ අපි ඔබ වෙනුවෙන් පැය විසිහතරක් යන්නත් පෙර ඔබට ලබාදුන් උපසිරසිය වෙනුවෙන් අඩුම තරමේ කමෙන්ට් එකකින් වත් ස්තුති කරලා යන්න ඕනේ කියල කාරුණිකව අදහසක් දාලා යන්න. ඒ වගේම මනා ගුණාත්මක භාවයකින් තිබෙන අපේම උපසිරැසි ගැන විශ්වාසය තබන ඔබට අපේ ආචාරය. නැවතත් ලස්සන චිත්‍රපටයක් රැගෙන එන තුරු සමු ගනිමි. තව දෙයක් කියන්න ඕනේ. මේ චිත්‍රපටයේ නම් ටික ගිය පසුත් බලන්න පුංචි කොටසක් තියෙනවා. සමහරවිට එය දෙවෙනි කොටසට අඩිතාලමක් වෙන්න පුළුවන්. rokiya@zoom.lk



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා සහ *maheshi* විසිනි

8 comments:

  1. හෆ්ෆා... මාස 3-4 ක් තිස්සෙ හොය හොයා හිටියෙ... ඕන් එහෙනම් සිංහල උපසිරසත් එක්කම... බොහොම ස්තූතීයි එහෙනම්...
    මේ වගේම Avengers,MIB3,Batman,Amazing Spiderman, ඔයාල ඉතා ඉක්මනට දෙයි කියල මම බලාපොරොත්තු වෙනවා...:D

    ReplyDelete
  2. ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ. සුපිරි කියල තමයි කියන්න ඕනේ.

    ReplyDelete
  3. niyamai machan laaaaa. ubala ge sub ithin kawadath hoda thiyenawane. anith eka Smart TV eke oyalage sub witharai direct balanna puluwan.

    ReplyDelete
  4. මේක දුන්න එක නම් ඉතින් මැක්සා පාරක් තමයි ජයවේවා

    ReplyDelete
  5. niyamai machan. maxxa wadak.~jayaveva~

    ReplyDelete
  6. කොහේ දුනත් අපි දන්නවනේ කුණුහර්ප නැති සබ් දෙන්නේ ඔයාල විතරයි කියලා. බොහොම ස්තූතියි සබ් එකට

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ගොඩක් ස්තූතියි දෙන්නටම.
    තවත් ලස්සන අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
    ජයවේවා!

    ReplyDelete

Powered by Blogger.